ඩුනාමිස් කොටස් මිල 90% කින් ඉහළට. වැඩි අයිතිය ජනශක්ති අත්පත් කර ගනී

    September, 13, 2018

    ජනශක්ති පීඑල්සී අද දිනයේ දී ඩුනාමිස් කැපිටල් පීඑල්සී කොටස් ප්‍රාග්ධනයෙන් 31.14% ක ප්‍රමාණයක් මිල දී ගනු ලැබීය. මෙහිදී එක් කොටසක් රු. 36.60 බැගින් මිල දී ගත් අතර එහිදී ගනුදෙනු වූ සම්පූර්ණ කොටස් ප්‍රමාණය මිලියන 38.94 කි. මේ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.4 ඉක්මවනු ලැබීය.

    මෙම කොටස් ගනුදෙනුවත් සමඟම ඩුනාමිස් කැපිටල් පීඑල්සී හි කොටසක වෙළෙඳපොළ මිල රු. 16.70 කින් දිනය තුළ දී ඉහළ ගිය අතර මෙය පෙර දිනයට සාපේක්ෂව 90% ක් ඉක්මවූ මිල ඉහළ යාමකි.

    මෙම කොටස් අත්පත් කර ගැනීමත් සමාගම ජනශක්ති පීඑල්සී විසින් ඩුනාමිස් කැපිටල් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 41.14% කට හිමිකම් කියනු ලබයි.