ඩෘවින්ක පෙරේරා සහ සමීරා ඞීන් රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරයෝ ලෙස කිරුළු  පළඳිති

    October, 17, 2019

    රිට්ස්බරි, ශ‍්‍රී ලංකාවේ අංක 1 චොකලට් සන්නාමය ලෙස පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දෙමින් ශ‍්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය හා එක්ව, 30 වන වරටත් සංවිධානය කරන ලද ජාතික කනිෂ්ඨ ස්කොෂ් තර`ගාවලිය පසුගිය 16 වනදා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී  අති සාර්ථකව නිමාවට පත් විය.

    උද්යෝගීමත් තර`ගකාරීත්වයෙන් පිරුණු මෙවර තර`ගාවලිය ඔක්තොම්බර් 12 වනදා සිට දින හතරක් පුරා පැවැත්වුණි.

    එහිදී 2019, 19න් පහළ ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරයා සහ ශූරිය වශයෙන් පිළිවෙලින් ඩෘවින්ක පෙරේරා හා සමීරා ඞීන් ශූරතා දිනා ගත්හ. එහිදී හො`දම නැගී එන ක‍්‍රීඩකයා වශයෙන් ඞී.එච්.ටී රන්දෙනිය ද, ක‍්‍රීඩිකාව වශයෙන් අනර්ගි පෙරේරා ද සම්මාන හිමිකර ගත්හ.

    ජාතික තලයේ පෙරමුණේ සිටින කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු 400කට අධික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ප‍්‍රමාණයක් මෙවර රිට්ස්බරි ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා සහභාගී වී සිටියහ. එහිදී කාන්තා සහ පිරිමි වයස අවුරුදු 9න් පහළ, 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, සහ 19න් පහළ වශයෙන් ද ඊට අමතරව නවක ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ද ශූරතාවලිය සඳහා සහභාගිත්වය හිමි කර දීමේ අපේක්ෂාව ඇතිව වයස අවුරුදු 11න් පහළ, 15න් පහළ ආධුනික කාණ්ඩය යටතේ ද තර`ග අංශ ක‍්‍රියාත්මක කෙරිණි.

    රිට්ස්බරි සමාගම මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරව කැපවන ආයතනයක් ලෙස ස්කොෂ් ක‍්‍රීඩාව රට පුරා ජනප‍්‍රිය කිරීමේ සහ සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, මෙම තරගාවලියට අඛණ්ඩ අනුග‍්‍රාහකත්වය සපයන 12 වැනි වතාව මෙය වීම ද කැපී පෙනේ.  

    මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ෆුඞ්ස් ඉන්ටනර්නැෂනල් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී, නිලූපුල් ද සිල්වා මහතා මෙසේ සඳහන් කළේය.‘‘දශකයකට වැඩි කාලයක් පුරා ස්කොෂ් ක‍්‍රීඩාව හා රිට්ස්බරි අතර ඇති බැඳීම නිසා අපේ රටේ නැගී එන දක්ෂතාවයෙන් පිරුණු ස්කොෂ් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ශක්තිමත් අඩිතාලමක් නිර්මාණය කර දීමට අපිට හැකිවී තිබෙනවා. මෙම තර`ගාවලිය පුරාවට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පෙන්නුම් කළ ඉහළ මට්ටමේ ක‍්‍රීඩා විලාසයට මම සුභාසිංෂණ එක් කරනවා. එපමණක් නොවෙයි එය අපගේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නට අප ගන්නා උත්සාහයේ සාර්ථකත්වයට නිදසුනක් ද සපයනවා.”