• Ada Derana BIZ Sinhala
  • Dental
  • sri lanaka

ඩෙන්ටල් වන් සිය සේවා ජාලය පුළුල් කරමින් ගල්කිස්සේ නවතම ශාඛාවක් විවෘත කරයි

August, 19, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ඩෙන්ටල් වන්, සිය සේවා ජාලය පුළුල් කරමින් අති නවීන තාක්ෂණ පහසුකම් වලින් යුත් නවතම දන්ත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ගල්කිස්සේ දී පසුගිය දා විවෘත කරන ලදී. ශ‍්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල් පරිශ‍්‍රය තුල අංක 106/01 , ගාලූ පාර, ගල්කිස්ස දරන ලිපිනයෙහි පිහිටා ඇති මෙම නව ඩෙන්ටල් වන් ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ‍්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපත වෛද්‍ය වජිර ජයසිංහ, ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ආසියා පැසිෆික් දන්ත වෛද්‍ය සම්මේලනයේ හිටපු සභාපති වෛද්‍ය සුරේෂ් ෂන්මුගනාදන් සහ ඩෙන්ටල් වන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අශෝක අමුණුගම විසිනි. මෙම විවෘත කිරීමේ උත්සවයට සීමිත ආරාධිතයින් පිරිසක් සහ ඩෙන්ටල් වන් ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.

නවීනතම පහසුකම් සහිත උසස් තත්ත්වයේ වේදනා රහිත දන්ත ප‍්‍රතිකාර සේවයන් ලබා දෙන විශේෂිත දන්ත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලාංකිකයින්ට ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද ඩෙන්ටල් වන් ආයතනය මගින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව වඩාත් පුළුල් මුඛ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතීx ගල්කිස්ස නවතම ඩෙන්ටල් වන් ශාඛාවද ප‍්‍රමාණවත් තරම් වාහන නැවැත්වීමේ පහසුකම් සහිතව රෝගීන්ගේ සුවපහසුව කේන්ද්‍ර කර ගනිමින් සැලසුම් කර ඇති අතර මනා වෘත්තීයමය පුහුණුව ලත් විශේෂඥයින්ගෙන් සමන්විතය. මෙහි මිත‍්‍රශීලී කාර්ය මණ්ඩලය සෑම විටම රෝගීන් හට වේගවත්, සරල හා ප‍්‍රසන්න අත්දැකීමක් ලබා දීමට සූදානම්ව සිටී.

ඩෙන්ටල් වන් හි කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අශෝක අමුණුගම මෙසේ පැවසීය. ”ප‍්‍රවාහන පහසුකම් තරමක් අසීරු මෙවන් අවදියක, මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟින් අපගේ සේවා දායකයන් වෙත තවත් ළං වීමට හැකිවීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අද සිට, ගල්කිස්ස සහ ඒ අවට ප‍්‍රදේශවල වෙසෙන ජනතාවට උසස් තත්ත්වයේ වේදනා රහිත දන්ත ප‍්‍රතිකාර සේවාවන් රැසක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව, මවුන්ට් ලෝටස් රෝහල් පරිශ‍්‍රය තුළ මෙම ඩෙන්ටල් වන් ශාඛාව පිහිටා ඇති බැවින්, අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ අවශ්‍යතා සඳහා රෝහලට පැමිණෙන රෝගීන්ටද දන්ත වෛද්‍ය සේවාවන් සඳහා අප වෙත පැමිණීමට අවස්ථාව තිබෙනවා”.

ඩෙන්ටල් වන් සියලූම ශාඛා මඟින් රෝගීන්ට පුළුල් පරාසයක මුඛ සෞඛ්‍ය සේවාවන් සපයන අතර සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවාවන් යටතේ රෝගීන්හට මුඛ පරීක්ෂණ, විදුරුමස් රැකවරණය, පිරවුම්, දන්ත මූල වැනි ප‍්‍රාථමික දන්ත වෛද්‍ය ප‍්‍රතිකාර සහ තවත් බොහෝ ප‍්‍රතිකාර ලබා ගත හැක. එමෙන්ම ළමා දන්ත වෛද්‍ය සේවාවන්, දන්ත කුහර ඉවත් කිරීම හා අළුත්වැඩියා කිරීම, අනතුරු හෝ වැටීම් හේතුවෙන් ඇතිවන දත් බිදීම් අළුත්වැඩියා කිරීම, විකලාංග දන්ත වෛද්‍ය සේවාවන්ද ( ඕතොඩොන්ටික්ස්* ඩෙන්ටල් වන් වෙතින් ලබා ගත හැකිවේx සිනහව ඔප් නැංවීමේ ප‍්‍රතිකාර ක‍්‍රම මඟින් ඔබේ පෙනුම වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ඇත. තවද ක‍්‍රීඩා දන්ත ආරක්ෂණ සේවාවන් හරහා ක‍්‍රීඩාවන් වලට සහභාගී වීමේදී ඔබේ දත් සහ මුඛය ආරක්ෂා කර ගැනීමට විද්‍යාත්මකව නිපදවන මුඛ ආරක්ෂක සහ විදුරුමස් පලිහ, මුහුණ තුවාල විම අවම කිරීම සඳහා ආරක්ෂිත පැළදුම්ද ලබා ගත හැක.

0112720505 අංකය ඇමතීමෙන් හෝ www.dentalone.lk වෙබ් අඩවිය හරහා ගල්කිස්ස ඩෙන්ටල් වන් ශාඛාව හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.