ඩොක්යාර්ඩ් සමාගමට ඩොලර් මිලියන 3.12ක කොන්ත්‍රාත්තුවක්

    October, 19, 2018

    කොළඹ වරාය තුළ කාර්යක්ෂම නාවික සේවාවක් සැපයීමට අවශ්‍ය වන නියමු යාත්‍රා දෙකක්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 3.12ක මුදලකට සීමාසහිත කොළඹ ඩොක්යාර්ඩ් සමාගම වෙත පිරිනැමීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.