ඩොලරයට ගෙවිය යුතු මිල රු. 177 අභිබවයි

    November, 1, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (01) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.3261 ක් ලෙසින් සටහන් විය.

    ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමාව අභිබවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

    මේ වන විට 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම 15% ක මට්ටමට ආසන්න වී තිබේ.