ඩොලරයත් සමඟම වාහන මිල ඉහළට

    December, 10, 2018

    එක්සත් ජනපද ඩොලරයේ වැඩිවීම මත ආනයනික වාහන මිල ගණන් ඉදිරියේ දී 15% ත් 20% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි.

    පසුගිය දා ‘Biz Journal’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    “අපි හිතපු නැති සිද්ධි ගණනාවක් රටේ සිදුවුණා. අලුත් රජයක් පැමිණියාම පළමු කර්තව්‍ය තමයි අයවැයක් තියන එක. වැහන කියන්නේ ආනයනික භාණ්ඩයක්. මුදල් අවප්‍රමාණය වීම, ඩොලරයේ අගය ඉහළයාම වැනි තත්ත්වයන් තුළ වාහනවල බදු අඩු කර මිල පහළ යාමක් මේ පවතින තත්ත්වය තුළ බලාපොරොත්තු වෙන්න බැහැ. ඩොලරයේ අගය ඉහළ යාම නිසා ආනයනික වාහන මිල 15% ත් 20% ත් ඉදිරියේ දී ඉහළ යන්න පුළුවන්“, යැයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා, ‘Biz Journal’ සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.