ඩොලරයේ විකුණුම් මිල රුපියල් 157 ඉක්මවයි

    February, 20, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වී තිබුණු වැඩිම රුපියල් අගය අද (20) දින වාර්තා වී තිබේ.

    එහිදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 153.36 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 157.14 ක් ලෙසත් සටහන් වී ඇත.

    මේ අතර ගෝලීය විනිමය අනුපාත දැක්වෙන වෙබ් අඩවියක් වන xe.com ට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් අගය අද දිනයේ දී රුපියල් 155.479 ක් ලෙසින් දක්වා තිබේ.