ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි

    September, 14, 2018

    එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (14) දිනයේ දී වාර්තා විය.

    මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය.

    එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.