ඩොලරයේ විකුණුම් මිල රු. 167 ඉක්මවයි

    September, 19, 2018

    මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් අද  (19) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබේ.

    මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 163.8714 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 167.4125 ක් ලෙසින් සටහන් විය.

    එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 167 සීමාවන් ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.

    මේ අනුව පසුගිය සිකුරාදා (14) දින සිට දෛනිකව රුපියල බැගින්, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

    2018 සැප්තැම්බර් 13 බ්‍රහස්පතින්දා ඩොලරයේ විකුණුම් මිල වාර්තා වූයේ රු. 163.9676 ක් ලෙසිනි.