ඩොලරයේ විකුණුම් මිල රු. 187 ඉක්මවයි

    March, 18, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14 ක් ලෙසත් විකුණුම් මිල රු. 187.23 ක් ලෙසත් සටහන් විය.

    මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු. 183 සීමාව හා විකුණුම් මිල රු. 187 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැකිය.

    මේ අතර අද (18) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වූයේ රුපියල් 185.08 ක් ලෙසයි. මෙම අගය අද දිනයේ දී රු. 185 සීමාව ඉක්මවා ගියේ ද ඉතිහාසයේ පළමු වරටය.