March, 20, 2020
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.38 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 189.87 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක ගැණුම් මිල රු. 185 සීමාව සහ විකුණුම් මිල රු. 189 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර අද (20) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වූයේ රුපියල් 186.93 ක් ලෙසයි.
ඉහත සියලු අගයයන් මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගයයන් වේ.
මේ අතර කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දී ඇත.
ඒ අනුව වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව පහත සඳහන් ක්‍රියාමාර්ගවලට අනුගත විය යුතු ය.
මීට අමතර ව, විදේශ විනිමය හුවමාරු කටයුතු සඳහා බලයලත් වෙළෙඳුන් විසින් ගමන් වියදම් සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 5000 ක (හෝ ඒ හා සමාන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක) උපරිමයක්ට යටත් විය යුතු ය.
කොරෝනා වසංගතය පැතිර යෑම මධ්‍යයේ වුව ද, වෙළෙඳපොළ තුළ සුමට ක්‍රියාකාරිත්වයක් සහ වෙළෙඳපොළ විශ්වාසය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් පවත්වා ගැනීම තහවුරු කරන අතර ම, මහ බැංකුව විසින් වෙළෙඳපොළ ප්‍රවණතා අඛණ්ඩ ව අධීක්ෂණය කරන අතර, අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් ගනු ලබනු ඇත.
Video Story