ඩොලරයේ විකුණුම් මිල රු. 190 න් මෙපිටට පැමිණෙයි

    May, 15, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 184.89 ක් හා විකුණුම් මිල රු. 189.99 ක් ලෙසින් අද (15) දින සටහන් විය.

    ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ ආර්ථික බලපෑම හමුවේ ශ්‍රී ලංකා රුපියල දැඩි පීඩනයකට ලක් වූ අතර එම පසුබිම තුළ ඩොලරයේ විකුණුම් මිල පසුගිය අප්‍රේල් 09 දින රු. 200 සීමාව ද ඉක්මවා යනු ලැබීය.

    කෙසේ වෙතත් මේ වන විට රුපියල ක්‍රමයෙන් ස්ථාවර වන ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.

    මෙලෙස ඩොලරයේ විකුණුම් මිල රු. 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ පසුගිය මාර්තු 20 දිනෙන් පසුවය.