ඩොලරය යළිත් රු. 177 පසුකරයි

    November, 13, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (13) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4082 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.3061 ක් ලෙසින් සටහන් විය.

    ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමාව අභිබවා ගිය දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර පළමු වරට පසුගිය නොවැම්බර් 01 දා ඩොලරයේ විකුණුම් මිල රු. 177 සීමාව ඉක්මවා ගියේය. එදින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4281ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් ලෙසින් සටහන් විය.

    මේ වන විට 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම 15% ක මට්ටමට ආසන්න වී තිබේ.