ඩොලරය රු. 172 කඩුල්ල පනී

    October, 9, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (09) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 168.4701 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 172.3491 ක් ලෙසින් සටහන් විය.

    ඩොලරයක විකුණුම් මිල රුපියල් 172 සීමාව අභිබවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර පසුගිය ඔක්තෝබර් 04 දින එය පළමු වරට රු. 171 සීමාව ඉක්මවා ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2018 වසර ආරම්භයේ සිට ඔක්තෝබර් 08 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.2 කින් අවප්‍රමාණය වී තිබේ.