ඩොලරය රු. 176 පසුකරයි

    October, 31, 2018

    ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 176 සීමවා අද (31) දිනයේ දී ඉක්මවා යන ලදී.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.3605 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 176.2547 ක් ලෙසින් සටහන් විය.

    ඩොලරයක ගැණුම් මිල රුපියල් 172 සීමාව හා විකුණුම් මිල රුපියල් 176 සීමාව ඉක්මවා ගිය පළමු දිනය ලෙසින් ද, මේ අනුව අද (31) දිනය ඉතිහාසගත වනු ඇත.