April, 24, 2020
කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා සඳහා වන සාර්ක් කලාපීය එකඟතාව මත ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ලංකාවට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධනය මහතා මෙසේ කියා සිටියේය.
“ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක කෙටිකාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා වෙන ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා.“
“රුපියල් 200ට වඩා අඩු මට්ටමෙන් විනිමය අනුපාතය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඉතාම විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවලා තියෙනවා. ඒ අනුව තමයි මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක් රට ඇතුළට ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නේ.“
“ඒ තුළින් මුදලේ අගය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා වෙන කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා වන සාර්ක් කලාපීය එකඟතාවය යටතේ ඒ මූල්‍ය සම්පත් ලබා ගැනීම සඳහා අවසරය ලබා දී තිබෙනවා.“
Video Story