ඩොලරය රු. 395 යි. ජාත්‍යන්තර බැංකුවක් කියයි

    May, 12, 2022

    අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් බව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    මෙලෙස අද (12) දින මේ දක්වා යාවත්කාලීන විනිමය අනුපාතික සටහන්වලට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 380 ක් ලෙසින් සඳහන් කර තිබූ බැංකු කිහිපයක් පහතින් දැක්වේ.

    ලංකා බැංකුව - රු. 380.00

    සම්පත් බැංකුව - රු. 380.00

    අමානා බැංකුව - රු. 380.00

    මේ අතර මෙරට මෙහෙයුම් කටයුතුවල නිරත ජාත්‍යන්තර වානිජ බැංකුවක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඩොලරයක විකුණුම් මිල අද (12) දින රු. 395.00 ක් ලෙසින් සටහන් වී තිබේ.