ඩොලරය 200 පනී

    January, 22, 2021

    ශ්‍රී ලංකා රුපියල මත එල්ල වී ඇති විනිමය පීඩනය යළිත් වරක් පිළිබිඹු කරමින් එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.31 ක් ලෙසින් සටහන්ව ඇති අතර විකුණුම් මිල සටහන්ව ඇත්තේ රු. 199.18 ක් ලෙසයි.

    මේ අතර පසුගිය (19) දා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා කියා සිටියේ ආනයන සඳහා ඇති ඉහළ ඩොලර් ඉල්ලුම හමුවේ මෙලෙස ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බවයි.

    කෙසේ වෙතත් මෙරට වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික පිරික්සීමේ දී අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 200 ඉක්මවා ඇති බව තහවුරු විය.

    පහත දැක්වෙන්නේ එලෙස වාණිජ බැංකු කිහිපයක් විසින් අද (22) දිනයේ දී එළිදක්වා ඇති විනිමය අනුපාතික සටහන් කිහිපයකි.

    ලංකා බැංකුව

    මහජන බැංකුව

    කොමර්ෂල් බැංකුව

    සම්පත් බැංකුව