ඩොලර් බැඳුම්කර නිකුතුවකින් ණය ගැනීමට රජය සැරසෙයි. අවසන් පොලිය කීයද?

    May, 28, 2015

    සියයට 6.375 ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි.

    අනාවරණය වන ආකාරයට මෙහි අවසන් පොලී අනුපාත තවමත් තීන්දු වී නොමැති අතර ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන්නේ යැයි හෙළිවේ.

    මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව කළමනාකරණය කරන්නේ, සිටි, ඩොයිෂ්, එච්.එස්.බී.සී. සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් යන බැංකු මගිනි.

    2014 වසරේදී ශ්‍රී ලංකාව වසර පහකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර සියයට 6.0 ක සහ සියයට 5.125 ක පොලී අනුපාත වලට නිකුත් කර තිබුණු අතර වසර දහයකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කරයක් අවසන් වරට ලංකාව නිකුත් කර තිබුණේ 2012 වසරේදීයි.

    මේ පිළිබඳව අප මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම බැඳුම්කර නිකුතුවේ අවසන් පොලී අනුපාතය සහ ලබාගන්නා ණය ප්‍රමාණය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.