ඩොලර් බිලියන 1.1 කින් නිල සංචිතය පහළ යයි

    July, 23, 2018

    රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය, 2018 වසරේ අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වූ මෙතෙක් පැවති ඉහළම මට්ටම වන එක්සත් ජනපද ඩොලර් බිලියන 9.9 සිට 2018 වසරේ මැයි මාසය අවසාන වන විට ආනයනික මාස 4.8 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 8.8 ක් දක්වා පහළ ගියව අතර, මාසය තුළ දී ආසියානු නිෂ්කාශන සංගමය වෙත වූ ගෙවීම්, ඒකාබද්ධ ණය පහසුකමෙහි වාරික ගෙවීම් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආපසු ගෙවීම මේ සඳහා මූලිකවම හේතුවිය.

    මේ අතර 2018 මැයි මාසය අවසාන වන විට බැංකු අංශයේ විදේශ වත්කම් ද ඇතුළත් මුළු දේශීය වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 11.0 ක් (ආනයනික මාස 6.0 කට සමාන වන පරිදි) විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2018 මැයි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.