ඩොලර් මිලියන 23 ක පොහොර ටෙන්ඩරය පිටරට සමාගම් දෙකකට

    August, 22, 2018

    සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා සැප්තැම්බර් මාසයට අවශ්‍ය කරන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 54,000 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 305 ක මුදලකට හා යූරියා (ප්‍රිල්) මෙට්‍රික් ටොන් 6,500 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 325 ක මුදලකට ඇග්‍රි කොමෝඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින් මිල දී ගැනීම සහ ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15,000 ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 334.1 මුදලකට ස්විස් සිංගපූර් ඕවර්සීස් එන්ටප්‍රයිසස් වෙතින් මිල දී ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මෙම ටෙන්ඩර්වල සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් 23,584,000.00 කි.