ඩොලර් මිලියන 3.6 ක ඉල්මනයිට් ඩුබායි සමාගමකට විකුණන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

    June, 13, 2018

    ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය සමාගම විසින් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 25,000ක් විකිණීම සඳහා මිල ගණන් කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටුවේ නිර්දේශය පරිදි, මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 145.25ක මුදලකට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ‍ඩුබායිහි Rescom Mineral Trading FZE සමාගම වෙත එම ඉල්මනයිට් තොගය විකිණීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මෙම ඉල්මනයිට් තොගයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.63 කි.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය ප්‍රධාන වශයෙන් ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ හයි ටයි ඉල්මනයිට් කැනීමේ, වෙන් කිරීමේ සහ විකිණීමේ යෙදෙන රාජ්‍ය සමාගමකි.