ඩොලර් මිලියන 4.4ක යූරියා ටෙන්ඩරය ඇමරෝපා ඒෂියා වෙත

    January, 16, 2020

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික්ටොන් 15,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, මෙට්‍රික්ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 279.68ක් බැගින් මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 4.40කට ඇමරෝපා ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.