February, 10, 2020
මූල්‍ය අතරමැදි කටයුතුවල අනපේක්ෂිත වෙනස්වීම් සහ අකාර්යක්ෂමතාවයන් වළක්වා ගනු වස් ණය අනුපාතිකයන් මත පනවා ඇති උපරිම සීමාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ලබා දී ඇති ණය ආපසු ගෙවීමේ සහනයන් ආදී පියවරයන් තාවකාලික විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැනුඑලා ගොරෙති මහත්මිය පවසයි.
නව රජයේ ප්‍රධානීන් හමුවීම සහ එහි ප්‍රතිපත්ති න්‍යාය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැනුඑලා ගොරෙති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2020 ජනවාරි 29 - පෙබරවාරි 07 කාලය තුළ දී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ දී ගොරෙති මහත්මිය මේ බව කියා සිටියාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ විශේෂයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ යම් අවදානම් සහගත තත්ත්වයන් වරින්වර පැවතුණද සමස්තයක් වශයෙන් මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවතින බවයි.
Video Story