September, 9, 2020
විවිධ ආර්ථික අර්බුදයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය. මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යංශයේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය ලෙස අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහජනතාවට සිදු වන අපහසුතාවන් පිළිබඳව මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී අවධානය යොමු කළේය.
ණය නොගෙවූ පුද්ගලයෙකුගේ, ඇපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින්නැයි පැවසීය.
පසුගිය රජය සමෘද්ධි ලබාදීමේදී පාක්ෂිකයින්ට විශේෂිත කොට එම ආධාර පිරිනමනා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳව සොයා බලා දේශපාලන භේදයකින් තොරව අඩු ආදායම්ලාභී සියලුම පවුල් සඳහා සමෘද්ධි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
සෞභාග්‍යයේ දැක්ම යටතේ “සපිරි ගමක්“ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 28ක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14021 ක් සඳහා රුපියල් මිලියන 2 බැගින් බෙදා දීමට නියමිතය.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ග්‍රාමීය ප්‍රජා කමිටු විසින් තෝරා ගත් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල, මහ බැංකු අධිපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්, රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.
Video Story