ණය ස්ථාවර කිරීමේ සැලසුම් අවසන් අදියරේ – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

    August, 3, 2022

    ජාත්‍යන්තර මූල්‍ය සහ නීති විශේෂඥයන් වන Lazard සහ Clifford Chance යන ආයතන සමඟ එක් වී ශ්‍රී ලංකාවේ ණය ස්ථාවර කරලීමේ සැලසුම්හි අවසන් අදියරයට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (03) නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අමතමින් පවසා සිටියේය.

    "යළි නැගී සිටීමේ මූලික පියවරක් විදිහට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ අපි ඒ සාකච්ඡා යළිත් ඉදිරියට ගෙන යනවා. මූලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.  

    “ජාත්‍යන්තර මූල්‍ය සහ නීති විශේෂඥයන් වන Lazard සහ Clifford Chance යන ආයතන සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම් දැන් අවසන් අදියරයට පැමිණ තිබෙනවා. මේ සැලැස්ම නොබෝ දිනකින්  අපි ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා. ඉන් පසු අපට ණය ආධාර ලබා දී ඇති රටවල් සමඟ සාකච්ඡා කරනවා. අනතුරුව පුද්ගලික ණයකරුවන් සමඟත් සාකච්ඡා අරඹනවා. ඔවුන් සමඟ එකඟතාවන්ට එළඹෙනවා. "