තමන්ගේම ව්‍යාපාර අරඹන්න IT අංශයේ දසදහසකට ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක්

    August, 21, 2019

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය රටේ තරුණ පරපුර අතර වඩා ප්‍රචලිත හා ආකර්ශණය දිනා ගෙන ඇති ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව එම ක්ෂේත්‍රය පිළිබඳ තරුණ තරුණියන්ට විශේෂ පුහුණුවක් ලබා දී ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව සලසා දීමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් නැඹුරුතාවක් දක්වන තරුණ තරුණියන් 10,000ක් තෝරා ගෙන ඔවුන් සඳහා විශේෂිත පුහුණුවක් ලබාදීමටත් ඔවුන්ගෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳ යෝජනාවක් ලබා ගෙන එය ඇගයීමකට ලක් කිරීමෙන් අනතුරුව සාර්ථක අයදුම්කරුවන් 3,000ක් තෝරාගෙන ඔවුන්ට ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල සබඳතා, අවශ්‍ය අනෙකුත් උපකරණ සහ මූල්‍යමය පහසුකම් ලබාදීමටත් සඳහා වන ව්‍යාපෘතියක් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.