තරු පහේ ආරක්ෂාවක් සහතික කළ ඉන්දියාවේ පළමු මෝටර් රථය බවට Tata Nexon පත්වෙයි

    January, 7, 2019

    Global NCAP විසින් සිදුකරනු ලබන ඝට්ටන පරීක්ෂාවේ (crash test) දී තරු පහේ ආරක්ෂාවක් සහතික කරනු ලැබූ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද පළමු මෝටර් රථය ලෙසින් Tata Nexon රථය පිළිගැනීමට ලක්ව තිබේ.

    Global New Car Assessment Program (NCAP) විසින් 2004 වසරේ සිට ඉන්දියානු මෝටර් රථ සඳහා මෙම ඝට්ටන පරීක්ෂාවන් (crash test) සිදුකරනු ලබන අතර, එහිදී මේ දක්වා ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබා ඇත්තේ මෙම Tata Nexon රථයයි.

    මේ අතර 2014 ජනවාරියේ දී මාසයේ දී මෙම පරීක්ෂාව සඳහා ඉදිරිපත් කරන ලද Tata Nano, Maruti Alto 800, Hyundai i10, Ford Figo හා Volkswagen Polo මෝටර් රථ පහම කිසිදු ආරක්ෂාවක් නොමැති මෝටර් රථ බවට NCAP පරීක්ෂාව මගින් තහවුරු කරනු ලැබීය.

    මීට පෙර Global NCAP ශ්‍රේනිගත කිරීම් අනුව Tata Nexon මෝටර් රථය තරු හතරේ ආරක්ෂිත තත්ත්වයක් හිමිකර ගෙන තිබුණු අතර, පසුව එහි සිදුකරනු ලැබූ යාවත්කාලීන කිරීම් හේතුවෙන් තරු පහේ ආරක්ෂිත තත්ත්වය හිමිකර ගැනීමට සමත් වී තිබේ.

    - Business Insider ඇසුරිනි