තවත් ණයකර නිකුතුවක් ලයිස්තුගත කිරීමට අනුමැතිය

    July, 9, 2014

    Dunamis Capital PLC සමාගම විසින් සිදුකිරීමට යන ණයකර නිකුතුව ලයිස්තුගත කිරිම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර නිකුතුව ජූලි 28 වනදා විවෘත වේ.

    මේ යටතේ සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට නියමිතය.

    නිකුතුවේ කළමනාකරුවන් ලෙස කටයුතු කරන්නේ ෆස්ට් කැපිටල් ලිමිටඩ් සමාගමයි.