තවත් මහජන කොටස් නිකුතුවක් එයි

    April, 22, 2014

    කොළඹ කොටස් වෙළඳ පොළ විසින් ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ එකක් රුපියල් 3.00 ක් වන සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 133.3 ක් ලයිස්තුගත කිරීම සඳහා අවසර ලබාදී තිබේ.

    මේ අනුව, මෙම නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කරන අතර නිකුතුව ලබන මැයි 19 වනදා මහජනතාවට විවෘත වේ.

    නිකුතුවේ කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකයින් ලෙස කටයුතු කරන්නේ කැපිටල් ට්‍රස්ට් ෆයිනෑන්ෂල් සමාගමයි.