July, 4, 2018
රටක් සංවර්ධිත රටක් ලෙසින් හැඳින්වීමට නම් එම රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 මට්ටමට පැමිණිය යුතු බවත්, තවත් වසර තුනකින් කොළඹ නගරයේ ඒක පුද්ගල ආදායම මෙම මට්ටම සාක්ෂාත් කර ගනු ඇති බවත් වැලිබල් වන් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්යක්ෂ ධම්මික පෙරේරා මහතා පවසයි. අද (04) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා මෙසේ පැවසීය.
“රටක් සාමාන්‍ය යෙන් දියුණුයි කියලා කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 යි. මම හිතන්නේ තව අවුරුදු 3 ක් විතර යන කොට කොළඹ නගරය ඩොලර් 12,650 achieve කර ගන්නවා.“
“ඩුබායි, සිංගප්පූරු වගේ රටවල් ගත්තොත් ඒවා ඔක්කොම city. Country කිව්වට city සිටි. ඇත්තටම අපි හිතුවොත් මේ city එක මං හිතන්නේ developed level ලෙවල් එකට තව අවුරුදු 3 කත් ඇතුළත අපි ගමන් කරමින් ඉන්නවා. ඒ කියන්නේ රටේ ජනතාවගෙන් සියයට 5 ක් ඉන්න city එක developed කියන ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ.“
“එතකොට අපිට තියෙන්නේ සියයට 95 ක් ඉන්න අනෙක් දිස්ත්‍රික්ක මේ ලෙවල් එකට ගේන්න කොහොමද කියන එක විතරයි. මං හිතන්නේ ඒ වගේ ගෝල් එක, ඒ එක එක දිස්ත්‍රික්කවලට ලැහැස්ති කර ගත්තොත්, මං හිතන්නේ ඒ ගෝල් එකත් ගහන එක එච්චර අමාරුවක් නැහැ.“
Video Story