ත්‍රිපෝෂ නිෂ්පාදනයට මිල්කෝ සමාගමෙන් කිරිපිටි මෙට්‍රික් ටොන් 600ක්

    June, 6, 2019

    ගර්භණී සහ කිරිදෙන මව්වරුන් සඳහා මෙන්ම මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන ළමුන් සඳහා ද ලබා දෙන පෝෂණීය ආහාරයක් වන ත්‍රිපෝෂ නිපදවීම පිණිස සිමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 600ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.