ත්‍රීවිල් මීටරේ අනිවාර්යයි. රිසිට් නිකුත් කරන්නත් නියෝගයක්

    January, 13, 2017

    කුලියට තැනැත්තන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා හෝ අන්‍යාකාරයකින් මෝටර් ට්‍රසියිකලයක් භාවිතා කරනු ලබන සෑම මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් සියලු අවස්ථාවල දී ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් එහි සවිකර තිබිය යුතු බවට මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ගාස්තු ගෙවීමෙන් පසු ඒ වෙනුවෙන් රිසිට් පතක් නිකුත් කිරීම ද මෝටර් ට්‍රයිසිකලයේ රියැදුරාගේ වගකීමක් බවට සඳහන් කර ඇත.

    මීට අමතරව කුලී සේවාවන් සඳහා යොදා ගනු ලබන මෝටර් ට්‍රයිසිකල් හෙවත් ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් තවත් නියමයන් ගණනාවක් අන්තර්ගත වන පරිදි මෙම ගැසට් නියෝගය සිදුකර තිබේ.

    පහත දැක්වෙන්නේ අදාළ ගැසට් නිවේදනයයි.