ත්‍රීවීල් නිසා රැකියා පුරප්පාඩු ලක්ෂ 2 ක් ඇති වෙලා – BOI සභාපති කියයි

    October, 10, 2016

    වර්තමානයේ දී ආයෝජන මණ්ඩල අනුමත කර්මාන්ත ශාලාවන් හි රැකියා පුරප්පාඩු ලක්ෂ දෙකක් පමණ ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය. අද දෙරණ සමඟ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කර්මාන්තශාලා හිමියන් මේ තත්ත්වය නිසා බරපතළ ගැටළුවකට මුහුණ දී සිටින බවයි.

    අද වන විට රටේ ත්‍රීරෝද රථ හිමිකරුවන් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් සිටින බවත්, ඒ හේතුවෙන් මෙම රැකියා සඳහා ඉල්ලුම අඩුවීම තුළ බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙන බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා අද දෙරණ සමඟ දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=rv-7fkOLHXI