September, 6, 2022
ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 30ක් ලබා දීම සඳහා වන කිසිඳු එකඟතාවයටක මේ වන තෙක් රජය පැමිණ නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (06) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මේ අතර දිවයිනේ ඕනෑම පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ත්‍රී රෝද රථ හිමියන්ට ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
"විපක්ෂ නායකතුමා විසින් මතු කළ යම් යම් කාරණා වල සමහර නිවැරදි විය යුතු තැන් තියනවා. අපි ත්‍රීරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කරන අවස්ථා වලදී ගරු ප්‍රවාහන අමාත්‍යතුමත්, මමත් ඔවුන්ව මුන ගැහුණා. මම වෙනම ඔවුන් මුන ගැහුණා. කිසිම ආකාරයක අපි එකඟ තාවයකට ආවේ නැහැ. ලීටර 30ක් සතියකට ලබා දීමට එකඟ තාවයකට ආවේ නැහැ. ඔවුන් ඉල්ලීමක් කරා. ඉල්ලීම ලබා දෙන්න පුළුවන් ද කියන එක ගැන අපි කරුණු ලබා දෙනවා කියන එක කිව්වේ. ඒ වගේම එතුමා ඉදිරිපත් කළා තුන්වෙන් ප්‍රශ්නේ. එතුමා කිව්වේ මේ ත්‍රීරෝද රථ සඳහා ඒ ඒ ප්‍රදේශ වල වෙන් කරලා තියනවා කියලා ඉන්ධන පිරවුම්හල් වල. එවැනි ආකාරයේ සිඳුවීමක් සිඳු වීමක් වෙලා නැහැ. දැනටත් ඕනෑම පිරවුම් හලකින් ත්‍රීරෝද රථ වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව තියනවා. ඒක ඔබ තුමාට ලබා දීලා තියන වැරදි අවබෝධයක්, ත්‍රීරෝද රථ වලට මෙන්න මේ අහවල් ඉන්ධන පිරවුම් හලෙන් ලබා දිය යුතුයි කියන එක. වෙන් කරලා ලබා දීලා නැහැ."
මීට අමතරව ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබා දෙන නිර්දේශයන්ට අනුව සාධාරණ මිල ගණන් යටතේ වෘත්තීය වශයෙන් ත්‍රීරෝද රථ ධාවනයේ යෙදෙන පුද්ගලයන් සඳහා පමණක් වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීමට රජයේ අවදානය යොමුව ඇති බවත් කංචන විජේසේකර අමත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේය.
"මේ වන විට අපි පොලිස් ස්ථාන වලට සහ පලාත් පාලන ආයතන වලට ඒ වගේම ගමනා ගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දීලා තියනවා, විශේෂයෙන්ම මේ ත්‍රීරෝද රථ අතරින් වෘත්තිමය වශයෙන් පූර්ණකාලීනව කටයුතු කරන ත්‍රීරෝද රථ අපට හඳුනාගෙන දෙන්න කියලා. මොකද පූර්ණ කාලීනව කටයුතු කරන වෘත්තිමය වශයෙන් කටයුතු කරන ත්‍රීරෝද රථ හඳුනා ගත්තොත් පමණයි අපිට ඔවුන්ට වෙනත් විකල්ප ක්‍රමයකින් ඉන්ධන වැඩි සලාකයක් ලබා දීමට අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ අරමුණින් තමයි අපි ලියාපදිංචි කරන්න කියලා කිව්වේ පොලිස් ස්ථාන වල ලඟම තියන පිරවුම්හලින්. නමුත් මේ වන තෙක් පසුගිය සති පහක කාලය තුළ අපි ත්‍රීරෝද රථ වලට කිසි සේත්ම කියලා නැහැ මෙන්න මේ අහවල් ඉන්ධන පිරවුම් හලින් පමණක් ගන්න කියලා. ඒ නිසා ඔවුන්ට ලංකාවේ තියන ඕනම පිරවුම් හලකින් ගන්න පුළුවන් කම තිබුනා. ඒ වගේම ඉදිරියේ දී අපි සලාක ක්‍රමය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ගමනාගමන කොමිෂන් සභාව සහ අපිට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබා දෙන නිර්දේශ අනුව විශේෂයෙන්ම මීටර ටැකිස් තියන ඒ වගේම විශේෂයෙන්ම මිල ගාස්තු ප්‍රදර්ශනය කරලා ඒ මිල පමණත් සාධාරණව අය කරන පිරිස් වලට වැඩි ඉන්ධන කෝටාවක් ලබා දීම සඳහා අපි අවධානය යොමු කරලා තියනවා. ඒ ලබා දෙන කෝටාව පමණක් අර තෝරා ගත්ත ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගන්නත්, ඔවුන්ට සාමාන්‍යයෙන් ලබා දෙන ලීටර් 5 ඕනැම පිරවුම් හලකින් ලබා ගැනීම සඳහාත් තමයි අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ."
Video Story