තායි බෞද්ධ බැතිමතුන් 80 ක් ශ්‍රී ලංකාවේ සංචාරයක

    May, 24, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී මාසයක් ගතවූදා, තායිලන්තයේ මහේයෝන්ග් ආරාමයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ වන පුජ්‍ය ප්‍රා භාවනා ඛේමාකුම් නාහිමියෝ විසින් මෙහෙයවන 80 දෙනෙකුගෙන් සමන්විත තායි සංචාරකයන් සහිත වන්දනා කණ්ඩායමක් අධ්‍යාත්මික හා සංස්කෘතික චාරිකාවක් සඳහා මැයි 21 දින දිවයිනට පැමිණියෝය. මෙම කණ්ඩායම උණුසුම් ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පිළිගන්නා ලදී.

    මෙම දූත පිරිසේ පැමිණීම, අප්‍රේල් 21 දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු වූ මාරාන්තික ප්‍රහාරයන්ගෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු එම ආකාරයේ පිරිසකගේ පැමිණීමයි. ඔවුන්ගේ සංචාරය මුලින් අවලංගු කර තිබුනද, දූත කණ්ඩායම ශ්‍රී ලංකාවට මහත් උද්යෝගය යුතුව පැමිණ, රට සහ එහි සංචාරක කර්මාන්තය සාමාන්‍ය තත්වයට පත් වන බවට බලාපොරොත්තු සැම තුල දල්වා ඇත.

    තායිලන්ත රාජධානියෙහි මහේයෝන්ග් ආරාමයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ වන පුජ්‍ය ප්‍රා භාවනා ඛේමාකුම් නාහිමියෝ මෙම බෞද්ධ දූත පිරිසේ නායකත්වය දරයි. උන්වහන්සේ සමග අනුගාමිකයන් පස්දෙනෙකු හා දායක  කන්ඩායමේ සාමාජිකයන් 70  දෙනෙකු මෙම සංචාරය සඳහා එකතු වී ඇත. මෙම කණ්ඩායම මැයි මස 26 වන දින දක්වා දින 6 ක් පුරා දිවයින පුරා සංචාරය කරනු ඇත.

    ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා මෙම සංචාරය ගැන සිය අදහස් පළ කළේ මෙසේය;

    “බුද්ධාගමෙන් පෝෂණය වූ ප්‍රධාන සංස්කෘතියක් ඇති බෞද්ධ රටක් වශයෙන්, පුජ්‍ය ප්‍රා භාවනා ඛේමාකුම් නාහිමියෝ සහ තවත් භික්ෂුන් වහන්සේලා ප්‍රධාන මෙම විශාල තායි බෞද්ධ දූත පිරිසේ පැමිණීම බොහෝ කාලෝචිතයි. මේ තුලින් රටේ පවතින තත්වය පිළිබඳව ලොවේ අනිත් කොටස් කරා ධානාත්මක පනිවිඩයක් යැවීමට අපට හැකියි.

    පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වී ඇති බෞද්ධ සංචාරක ක්ෂේත්‍රය අපට අලුත් අංගයකි. කලාපය තුලින් පමණක් නොව, ලොව පුරා සිටින සංචාරකයන්, විශේෂයෙන් බටහිර රටවල සංචාරකයන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක් බෞද්ධ දර්ශනය හැදෑරීම හා භාවනා කිරීම වැනි කාරණා සඳහා සඳහා මෙරටට පැමිණේ.”

    කැලණිය මාබිම ප්‍රදේශයේ තායි විහාරයට සුබ මොහොතින් බෞද්ධ පිළිමයක් පරිත්‍යාග කිරීම සඳහා මෙම කණ්ඩායම සහභාගි විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා, කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ බර්නාඩ් ටුවර්ස් ප්‍රයිවට් ලිමිටඞ් හි නියෝජිතයන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

    මෙම කණ්ඩායම හම්බන්තොට, කතරගම සහ මහනුවර යන නගර වල සංචාරය කිරීමට නියමිත අතර පිටත්වීමට පෙර සංස්කෘතික ත්‍රිකෝණයේද සංචාරය කරනු ඇත. ශ්‍රී ලංකාව සංචාරය කිරීම සඳහා ආරක්ෂිත ස්ථානයක් වන බවටත්,  මෙරට අධ්‍යාත්මික සංචාරකයන් සඳහා ප්‍රබෝධාත්මක ගමනාන්තයක් වන බවත් පෙන්වීමට ඔවුන් බලාපොරොත්තු වේ. මෙම දූත පිරිස ශ්‍රී ලංකාව තුළ පුජ්‍ය රාස්සගල සීවලී හිමියන්ගේ භාරකාරත්වය යටතේ සිටින අතර එම හිමියන් ඔව්න්ගේ අනෙකුත් පහසුකම් සැලසීම බර්නාඩ් ටුවර්ස් ප්‍රයිවට් ලිමිටඞ් වෙත පවර ඇත.