July, 21, 2017
එළඹෙන සඳුදා (24) දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට තීරණාත්මක සාක්ෂිකරුවකු කැඳවීමට නියමිත බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා පැවසීය. ඊයේ (20) දිනයේ දී කොමිසම ලබන සඳුදා දින දක්වා කල් තබන බව දැනුම් දෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.
මේ අතර ඊයේ කොමිසමේ කටයුතු අවසානයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නීතිඥවරයෙකු කියා සිටියේ කවුරුත් පුදුමයට පත්කරවන සාක්ෂිකරුවකු සඳුදා දිනයේ දී කොමිසම හමුවට කැඳවනු ඇති බවයි.
Video Story