තෙල් මිල සූත්‍රය අද?

    May, 10, 2019

    ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව සාමාන්‍ය පරිදි සෑම මසකම 10 වෙනි දින ඉන්ධනවල නවතම මිල ගණන් තීරණය කෙරේ.

    පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අප්‍රේල් මාසය වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබුණ ද උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට පසුගිය මාසයේ දී රජය තීරණය කළේය.

    එසේම මාර්තු මස 10 වැනි දා කෙරුණු ඉකුත් මිල සංශෝධනයේ දී ද උත්සව සමය එළඹීම සැලකිල්ලට ගෙන ජනතාවට සහන ලබා දීමේ අරමුණෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙනි.

    කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70 සීමාව ඉක්මවා තිබේ.