තේ පරීක්ෂාවට ජපන් තාක්ෂණය

    May, 3, 2017

    ශ්‍රී ලංකාවේ තේවල පවතින සංඝටක ක්ෂණිකව හඳුනාගැනීම සඳහා ජපන් තාක්ෂණය යොදා ගනිමින් විශ්ලේෂණ උපකරණයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සහ ජපානයේ කවසාකි කිකෝ සීමාසහිත සමාගම එකඟතාව පළ කර ඇත.

    ඒ සඳහා දැනටමත් සකසා ඇති විශ්ලේෂණ උපකරණයක් සුදුසු පරිදි වැඩි දියුණු කිරීම සඳහා නිරවද්‍යතාව තහවුරු කරගැනීමේ සමීක්ෂණයක් ශ්‍රී ලංකාවේ දී සිදුකිරීමට සැලසුම් කර ඇති අතර එම සමීක්ෂණය සඳහා සහයෝගීතා ආයතන වශයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කරනු ඇත.

    ඒ අනුව මෙම සමීක්ෂණය සිදු කිරීම පිණිස එකී ආයතන සමඟ එකඟතා ගිවිසුමකට එළඹීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමැත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.