තේ, පොල් , රබර් වතු කැබලි කිරීමේ සීමාවේ වෙනසක්

    August, 21, 2017

    විවිධ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉඩම් යොදාගැනීමේදී යම් නම්‍යශීලීභාවයක් පැවතීම කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා වාණිජ කටයුතු සඳහා, පොල් ඉඩම් කැබලි කිරීම හෝ තනි ඒකකයක් ලෙස පැවරීම සඳහා වූ සීමාව හෙක්ටයාර 02 (අක්කර 05) දක්වාත්, තේ හා රබර් ඉඩම් කැබලි කිරීම හෝ තනි ඒකකයක් ලෙස පැවරීම සඳහා වූ සීමාව හෙක්ටයාර 08 (අක්කර 20) දක්වාත් අඩු කිරීම සඳහා විධිවිධාන ඇතුළත් කරමින් 1958 අංක 2 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    මීට පෙර ප්‍රමාණයෙන් හෙක්ටයාර 04කට නොඅඩු පොල් ඉඩම් සහ හෙක්ටයාර 20කට නොඅඩු තේ හා රබර් වගාවන් සහිත ඉඩම් කැබලි කිරීම පාලනය කිරීමේ අරමුණින්, 1958 අංක 2 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත පනවනු ලැබ ඇත. එහි විධිවිධාන අනුව, එවැනි ඉඩම් කැබලි කිරීමේදී හෝ තනි ඒකකයක් ලෙස පැවරීමේදී, තේ, රබර් සහ පොල් වතු කැබලි කිරීම පාලනය කිරීමේ මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන එකඟතා සහතිකය ලබාගත යුතු වේ.