තෝරාගත් ආයෝජකයන් 25 දෙනෙකුට කර්මාන්තපුර 13කින් ඉඩම්

    August, 9, 2022

    යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
    ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන කර්මාන්ත අමාත්‍යාංශය විසින් “ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන” ක්‍රියාත්මක කරනු ලබයි.
    ඒ අනුව එම වැඩසටහන යටතේ තෝරාගත් ආයෝජකයන් 25 දෙනෙකු සඳහා කර්මාන්තපුර 13කින් ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.