August, 1, 2017
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන දංකොටුව පෝසිලේන් පීඑල්සී හි සේවක වර්ජනයක් ක්‍රියාක්මක වන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ 2017 ජූලි 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි සේවක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන බවයි.
සමාගමේ කළමනාකාරීත්වය හා සේවක මණ්ඩලය අතර ඇති සාමූහික ගිවිසුමෙහි එකඟතා කඩවීමක් හේතුවෙන් මෙම වැඩ වැරුම ආරම්භ වී තිබේ.
මේ අතර මෙම එකඟතා කඩවීම හේතුවෙන් සිදුවිය හැකි බලපෑම අවම වන අයුරින් කටයුතු කරනු ලබන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වසබ ජයසේකර වැඩිදුරටත් කොටස් වෙළෙඳපොළ වෙත දන්වා සිටී.
Video Story