February, 15, 2017
දකුණු ආසියානු කලාපයෙහි ප්‍රාග්ධන වෙළෙදපොළවල් නියෝජනය කරමින් පවත්වනු ලබන දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු සංගමයේ (SAFE) විධායක කමිටු රැස්වීම, “දකුණු ආසියානු ව්‍යාපාර වස්තු ආයතන සහ අනාගත වැඩපිළිවෙල (Way forward for Exchanges in South Asia)” යන තේමාව යටතේ, පෙබරවාරි 27වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. SAFE සංගමය තුල වත්මන් සභාපති ධුරය දරනු ලබන්නේ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක මහතාය.
ඉදිරි කාලය තුල සැමට වඩාත් ඵලදායී වැඩපිළිවෙලක් සකස් කර ගැනීම, සංගමයේ නව සභාපති ධුරය සහ වාර්ෂික මහා සභා රැස්වීම පිළිබදව සාකාච්ඡා කිරීම උදෙසා බොම්බේ ව්‍යාපාර වස්තු හුවමාරුව (Bombay Stock Exchange), පකිස්ථානු ව්‍යාපාර වස්තු හුවමාරුව (Pakistan Stock Exchange), චීටගොන්ග් ව්‍යාපාර වස්තු හුවමාරුව (Chittagong Stock Exchange), මාලදිවයින ව්‍යාපාර වස්තු හුවමාරුව (Maldives Stock Exchange), භූතානයේ රාජකීය සුරැකුම්පත් හුවමාරුව (Royal Securities Exchange of Bhutan), බංගලාදේශ මධ්‍යම තැන්පතු සංගමය (Central Depository Bangladesh) සහ නේපාලයේ මර්කන්ටයිල් එක්ස්චේන්ජ සංගමය (Mercantile Exchange Nepal) යන කොටස් වෙළෙඳ ආයතන රැසක ඉහල පෙළේ නිලධාරීන් මෙම සමුළුව සදහා දිවයිනට පැමිණිමට නියමිතය.
මෙම සුවීශේෂි අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සහාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසද, SAFE වත්මන් සභාපති ලෙසින් වජිර කුලතිලක මහතා විශේෂ අමුත්තා ලෙසද ලාංකීක තැරැව්කාර සමාගම් ජාලයට අයත් ප්‍රධාන වීධායක නිලධාරීන්ද සහභාගී විමට නියමිතය.
බොම්බේ ව්‍යාපාර වස්තු හුවමාරුව සහ පකිස්ථානු ව්‍යාපාර වස්තු හුවමාරුවල ප්‍රධාන වීධායක නිලධාරී විසින් සිය අත්දැකීම් පිළිබදව කිරීමට නියමිත දේශනය සහ SAFE සංගමයට අයත් ප්‍රධාන විධායක නිලධාරී පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන විද්වත් කමිටු සාකච්ඡාව සමුළුවෙහි විශේෂාංගයන් ලෙස හදුන්වා දීය හැක.
මෙම අවස්ථාව පිළිබදව අදහස් දක්වමින් SAFE සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සභාපති වජිර කුලතිලක මහතා පවසා සිටියේ “දකුණු ආසියානු ව්‍යාපාර වස්තු හුවමාරු පදනම් කොටගෙන පැවැත්වෙන සමුළු කමිටු රැස්වීම මෙවර කොළඹට ගෙන ඒමට හැකිවීම අප අත්පත්කරගත් මහගු අවස්ථාවක්. ඒ ඔස්සේ සාමාජික සංගම් අතර සහයෝගීතාවය ශක්තිමත් කරලීමට හා කලාපීය රටවල් අතර ආයෝජනය ප්‍රවර්ධනය කරලීමට අවස්ථාවක් සැකසෙනු ඇතැයි මා විශ්වාස කරනවා”. යනුවෙනි.
2015 වර්ෂයේදී සංගමය සභාපති ධුරයෙන් පිදුම් ලත් ශ්‍රී ලංකාව එහි මුලිකත්වය දරමින් “SAFE අනාගත දැක්ම (SAFE VISION 2025)” යන තේමාව යටතේ සංගමයේ අනාගත දැක්ම සාක්ෂාත් කරගැනීමට කටයුතු කර ඇත.
ඡායාරූපය : SAFE සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක මහතා
Video Story