දකුණු කොරියාව සමඟ ආර්ථික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක්

    October, 19, 2017

    ආයෝජන හවුල්කාරිත්වය, වෙළඳ ස‌‌බඳතා, සංචාරක ප්‍රවර්ධනය සහ කාර්මික සහයෝගිතාව යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනරජය සමඟ ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී ඇති අතර, ජනාධිපතිතුමා විසින් මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත දකුණු කොරියානු නිල සංචාරයේදී ඊට අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පසුගිය දශක කිහිපය පුරා ආර්ථික හා කාර්මික ක්ෂේත්‍රයන්හි ඉතා ඉහළ වර්ධනයක් අත් කරගත්, ගෝලීය වෙළඳ පොළ තුළ තාක්ෂණික අංශයේ ප්‍රමුඛ රටක් ලෙස දකුණු කොරියානු ජනරජය සැලකේ.