දශ ලක්ෂ 55,000 ක බැඳුම්කර වෙන්දේසියක් සඳුදා

    January, 6, 2017

    2017 ජනවාරි 09 වැනි දින රුපියල් දශ ලක්ෂ 55,000 ක භාණ්ඩාගාර වෙන්දේසියක් කැඳවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා ඇති මෙම වෙන්දේසිය සඳහා 2019, 2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් පිළිවෙලින් රුපියල් මිලියන 6000, 16000, 16000 හා 17000 බැගින් වන පරිදි බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය.

    තවද 2017 ජනවාරි 10 වැනි දින රුපියල් දශ ලක්ෂ 24,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකිරීමට නියමිත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මේ අතර පසුගිය ජනවාරි 04 වැනි දින නව වසරේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පැවති අතර එහිදී රුපියල් දශ ලක්ෂ 31,155 ක ලංසු පිළිගත් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටී.

    මෙම වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වන අතර එහිදී දින 91 බිල්පත් පොළිය – 8.72% සිට 8.78% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.63% සිට 9.79% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 10.17% සිට 10.22 දක්වා ඉහළ ගොස් තිබේ.