දැඩි ආර්ථික අභියෝග ජයගනිමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 මූල්‍ය වර්ෂයේ  විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කරයි

    February, 8, 2023

    අර්බුදකාරී ව්‍යාපාරික පසුබිමක විශිෂ්ට වාර්ෂික මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා රුපියල් මිලියන 23,083 ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 15% ක් වන ඉහළ වර්ධනයකි. සමාගම දැඩි සාර්ව ආර්ථික තත්වයන් හමුවේ එම කාලසීමාව සඳහා සිය රක්ෂණ ඔප්පුහිමියන් වෙත රුපියල් මිලියන 8,264 ක හිමිකම් පියවමින් ක්ෂේත‍්‍රයේ ශක්තිමත්ව රැඳී සිටී

    සලකා බලනු ලබන අදාල කාලසීමාව තුළ, සොෆ්ට්ලොජික් ලයිෆ් හි වෙළඳපල කොටස 2021 දෙසැම්බර් 31 වන දින 16.08% හා සසඳන විට 1687% ක් ලෙස වර්ධනය වී ඇත. සොෆ්ට්ලොජික් ලයිෆ් සතු වෙළෙඳපල කොටස අඛණ්ඩව ඉහළ යාමත් සමඟින් මේ වන විට ජීවිත රක්ෂණ වෙළඳපොලේ දෙවැනියට විශාලතම සමාගම ලෙස ඔවුන් ශ්‍රේණිගත වී සිටින්නේ දශක ගණනාවක් මුළුල්ලේ ක්ෂේත‍්‍රයේ සිටි අනෙකුත් දැවැන්තයින් අභිබවා යන ශක්තිමත් වර්ධනීය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්ය. 2022 වසරේ 9.6‍% වූ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ඇස්තමේන්තුගත GWP වර්ධනයට සාපේක්ෂව, සොෆ්ට්ලොජික් ලයිෆ් 15%GWP වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

    මේ සියල්ලක්ම සමඟින්, රක්ෂණ ක්ෂේත‍්‍රයේ 14%ක් වූ 10 වසරක GWP සංයුක්ත වර්ධන අනුපාතයට (10 Year Compound Annual Growth Rate) සාපේක්ෂව සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් 28%GWP සංයුක්ත වර්ධන අනුපාතයක් (10 Year Compound Annual Growth Rate) වාර්තා කර ඇත. එමෙන්ම මිලියන 1.5 ශ‍්‍රී ලාංකික ජීවිත රක්ෂණය කරමින් අදාල කාල සීමාව තුළ රක්ෂණ ඔප්පු 133,872 සංඛ්‍යාවක් නිකුත් කිරීමත් සමඟින් මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ වර්ධනය ඉහළ නැංවීම සඳහා වන සමාගමේ දායකත්වය ඉහළ ගොස් ඇති බව සොෆ්ට්ලොජික් ලයිෆ් පෙන්වා දෙයි.

    සලකා බලනු ලබන අදාල කාල පරිච්ෙඡ්දය තුළ සමාගමේ බදු පසු ලාභය (PAT) රුපියල් මිලියන 2,683ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 27% ක වර්ධනයකි. බදු පෙර ලාභය (PBT) පසුගිය වසරේ රුපියල් මිලියන 1065ට සාපේක්ෂව 36% කින් වර්ධනය වී ඇත. සමාගමේ විචක්ෂණශීලී සහ කාර්යක්ෂම වියදම් කළමනාකරණය තුළීන් 2022 පැවති දැඩි උද්ධමන තත්වය තුළදී වුවද සමාගමේ මෙහෙයුම් වියදම් අනුපාතය පෙර වසරේ අගයටම (22%) පවත්වා ගැනීමට හැකිවීමද සුවිශේෂී කරුණකිග තවදල සොෆ්ට්ලොජික් ලයිෆ් 287% ක ස්ථාවර ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකතා අනුපාතයක් (CAR) පවත්වාගෙන යනු ලබන්නේ එහි නියාමන CAR අවශ්‍යතාවය වන 120% ද ඉක්මවා යමිනි.

    සමාගම හානි පූරණ සඳහා වෙන්කළ ප‍්‍රතිපාදන එකවරක් ලබා දීමෙන් පසු 25% ක සැලකිය යුතු ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතයක් (Return on Equity) සහ කොටසකට රු. 7.15ක ඉපැයීමක් වාර්තා කර ඇත. එමෙන්ම 2022 වර්ෂය සඳහා පුනරාවර්තන කොටසක් මත ඉපැයීම (Recurring Earning Per Share) අගය රු. 5.61 සිට රු. 12.85 දක්වා වර්ධනය වීමද කැපී පෙනෙන කරුණකි.

    සමාගමේ මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ, ‘‘රට තුළ පවතින අසීරු ව්‍යාපාරික පසුබිමක අභියෝග රැසක් මධ්‍යයේ වුවද, 2022 අවසන් වන විට අපගේ වෙළෙඳපල කොටස 16.87% දක්වා තවදුරටත් වර්ධනය කරගනිමින්, ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස අපගේ ස්ථාවරත්වය එලෙසම පවත්වා ගැනීමට අපි හොඳින් කටයුතු කළා. දැඩි අභියෝග මධ්‍යයේ වුවද මෙම වර්ධන වේගය එලෙසම පවත්වා ගනිමින් මෙම ජයග‍්‍රහණ අත්කර ගැනීම සඳහා අපගේ ශක්තිමත් උපායමාර්ගික සැලසුම් හේතු වුනා.’’ යනුවෙනි.

    සොෆ්ට්ලොජික් ලයිෆ් එහි ආරම්භයේ සිටම කාලයට උචිත නවෝත්පාදනයන් සහ ඩිජිටල්කරණය තුළින් සුවහසක් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය උසස් කිරීමට නිරන්තරයෙන් කැපවුණු ආයතනයකි. ස්වයංක‍්‍රීය එක්දින හිමිකම් පියවීම, මිනිත්තුවක් තුළ රෝහල්ගත වීමේ හිමිකම් පියවීම, 100% ඩිජිටල්කරණය කළ විකුණුම් ප‍්‍රවේශය, ස්වයංක‍්‍රීයව රක්ෂණ ඔප්පු නිකුත් කිරීම සහ දුරකථන සබඳතා මත පදනම් වූ ක්ෂුද්‍ර රක්ෂණ විසඳුම් (mobile micro insurance) ආදී සුවිශේෂී කලින් නොදුටු නව්‍යකරණ රක්ෂණ විසඳුම්ල ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙමින් පාරිභෝගිකයින්ට උසස් සේවාවක් ලබා දීමට හැකිවීම නිසා වෙළෙඳපොල තුළ සිය තරගකාරී ස්ථානය තවදුරටත් ඉහළ නංවා ගැනීමට ඔවුන්ට හැකි විය. මීට අමතරව, CA, CMA වැනි කීර්තිමත් මූල්‍ය සම්මාන උළෙලවලදී සමාගම ලබා ගත් ජයග‍්‍රහණ, සෑම විටම මූල්‍ය වාර්තාකරණයේ ඉහළම ප‍්‍රමිතීන්ට අනුකූල වීමට සමාගමේ කැපවීම නිරූපණය කරයි.  2022 දී වාර්ෂික මුල්‍ය වාර්කාකරණය සඳහා සමස්ත විශිෂ්ටත්වය වෙනුවෙන් අඛණ්ඩව දෙවන වසරටත් සොෆ්ට්ලොජික් ලයිෆ් රිදී සම්මානය හිමි කරගත්තේයx ඒ වසර ගණනාවක් පුරා තම අභිමානය ඉහළින් රැන්දු දැවැන්ත ශ‍්‍රී ලාංකේය සමාගම් ද අභිබවා යමින් වීම විශේෂත්වයකි. 2019 සහ 2021 Effie සම්මාන උළෙලේදී අඛණ්ඩව වසර දෙකක් වසරේ හොඳම සන්නාමයලෙස ගෞරවාදරයට පාත‍්‍ර වූ සමාගම 2021 SLIM Brand Excellence සම්මාන සහ SLIM Digi සම්මාන උළෙලවලදී රන් සම්මාන රැසක් හිමි කර ගැනීමට ද සමත් විය.

    අසමසම තාක්ෂණික ප‍්‍රවේශයන් හා නව්‍යකරණ සේවාවන් පිළිබඳ සොෆ්ට්ලොජික් ලයිෆ් සතු සුවිශේෂී හැකියාවන් සමඟින් සුවහසක් ශ‍්‍රී ලාංකිකයන් වෙත ඔවුන්ටම ගැලපෙන අතිනවීන ජීවිත රක්ෂණ විසඳුම් ගෙන එමින් මේ ආකාරයේ විශිෂ්ටත්වයක් අත්පත් කරගැනීමට මෙන්ම අසීරු කාල වකවානුවක පවා සිය ශක්තිමත්බව තව තවත් ඉහළ නංවා ගැනීමට සමත් වීම කැපී පෙනෙන කරුණකි. මේ සියලූ සම්මාන තුළින් නැවත නැවතත් ගම්‍ය වන්නේ උද්ගතව ඇති සමාජ හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද සිය රක්ෂණ ඔප්පු හිමියන් වෙත අඛණ්ඩ සේවාවක් සලසා දෙමින් පාරිභෝගිකයින් සම්බන්ධයෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් හි කැපවීමයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සීි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ මෙම මූල්‍ය වර්ෂය රටට සහ සමාගමට ඉතා අසීරු එකක් වුනා. කෙසේ වෙතත් ඉදිරි දැක්මක් සහිත ව්‍යාපාරික උපායමාර්ග සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් ආකර්ෂණීය නවෝත්පාදන ක‍්‍රියාත්මක කිරීම තුළින් මෙම අසීරු මෙහෙයුම් පරිසරය තුළ අභියෝගවලට එරෙහිව නැගී සිටීමටත් සුවිශේෂී ප‍්‍රතිඵල අත්කර ගැනීමටත් සොෆ්ට්ලොජික් ලයිෆ් හට හැකි වුනා. අප සමාගමේ නැවත අලුත් කිරීමේ වාරික (recurring premium) ආදායම ඇස්තමේන්තුගත අගයන් ඉක්මවා ගිය අතර එය සහ පළමු වර්ෂයේ වාරික (first year) අදායම් එකතු වීමත් සමග රක්ෂණ ක්ෂේත්‍රයේ දෙවෙනියට විශාලතම සමාගම බවට පත්වීමට අපට හැකියාව ලැබුණි. එය වත්මන් තත්වයන් තුළ ඉතා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලෙස සැලකිය හැකියි. සෞඛ්‍ය රක්ෂණය ප්‍රමුඛ කරගනිමින් අපගේ පාරිභෝගිකයින්ට ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභ ලබා දීම කෙරෙහි ඇති අපගේ දැඩි අවධානය, සෞඛ්‍ය ආවරණ පුද්ගලික සහ කණ්ඩායම් යන අංශ ද්විත්වයටම ජීවිත රක්ෂණ සමාගම ලෙස අපව තෝරා ගෙන තිබෙනවා. අපි වසර 10 ක් පුරාවට සුවිශේෂී ගමනක මෙන්ම අපගේ සියලූම පාර්ශවකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දෙමින් රක්ෂණ ක්ෂේත‍්‍රයේ හිනිපෙත්ත ආසන්නයටම පැමිණ තිබෙනවා. අපි අනාගතය දෙස බලා සිටින්නේ ඉතා අසීරු අභියෝග ජයග‍්‍රහණය කළ සහ අති සාර්ථක කණ්ඩායමක් ලෙසයි.යනුවෙනි.

    සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.

     

    Image 01 – සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සභාපති අශෝක් පතිරගේ

    Image 02 – සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ්