දැරිය නොහැකි පිරිවැය හමුවේ ගෑස් බෙදාහැරීම අර්බුදයට පත්වීමේ අවදානමක් පවතින බවට LP ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය අනතුරු අඟවයි

    September, 26, 2018

    දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ ගෑස් බෙදාහැරීමේ කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු පිළිබදව දැනුවත් කිරීම මෙරට ගෑස් ඛෙදාහැරීමේ කර්මාන්තය බරපතල අර්බුදකාරී තත්වයට පත්ව ඇති බව  ශ්‍රී ලංකා එල් පී  ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය අවධාරණය කරයි. වර්තමානයේ ආර්ථිකයේ පවතින අර්බුදකාරී තත්වය සඳහා අදාළ බලධාරීන් නිසි පියවරක් ගැනීමට අපොහොසත් වීම නිසා මෙම තත්වය  හටගෙන ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. මෙරට ගෑස් ඛෙදාහරින්නන් 35 දෙනෙකු මෙන්ම අලෙවි නියෝජිතයින් 8000 කට අධික පිරිසක්  සිටින අතර ගෑස්  ඛෙදාහැරීමේ කර්මාන්තයෙන් යැපෙන්නන් සංඛ්‍යාව 75000 ඉක්මවන බවද පෙන්වාදෙන එම සංගමය සඳහන් කළේ මෙම කර්මාන්තය තුළ මතුව ඇති අර්බුදකාරී තත්වය එම පිරිස්වල ජීවන තත්වය කෙරෙහි සෘජුව බලපාන බවයි.
     
    මෙහිදී ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණු කිහිපයක් පිළිබදව ශ්‍රී ලංකා එල් පී ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය අවධාරණය කළේය. ඩීසල් මිල රුපියල් 123 දක්වා ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු සීඝ්‍ර ලෙස ඉහළයාම, වාහන අමතර කොටස්වල මිල ඉහළ යාම, ටයර් සහ ඔයිල් වර්ගවල මිල ගණන් ඉහළ යාම මෙන්ම මානව සම්පත් වල මිල ඉහළ යාම ආදී තත්වයන් නිසා මේ වන විට මෙරට ගෑස් බෙදාහැරීමේ කර්මාන්තය දැඩි අර්බුදයට ලක්ව ඇති බව එම සංගමය පෙන්වා දුන්නේය.
     
    මෙම තත්වය මගහරවා ගැනීම සඳහා  වර්තමානයේ  ගෑස් බෙදාහැරීම සඳහා ගෑස් ඛෙදාහරින්නන් සහ අලෙවි නියෝජිතයින් සඳහා ලබාදෙන මිල පරතරය, (2007 වසරේ සිට සංශෝධනය නොකළ)  සහ වර්තමානයේ දිස්ත්‍රික් මට්ටමින් ලබාදෙන ප්‍රවාහන දීමනාව, (2012 වසරේ සිට  සංශෝධනය නොකළ) වර්තමානයේ පවතින ආර්ථික තත්වයට ගැලපෙන ආකාරයට වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා එල් පී  ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය  ඉල්ලා සිටියි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෑස් ඛෙදාහරින්නන් සහ අලෙවි නියෝජිතයින් සඳහා ලබාදෙන මිල පරතරය 12% දක්වා ඉහළ දැමිය යුතු බවයි. (ඛෙදාහරින්නන්ට 7.5% ක් සහ අලෙවි නියෝජිතයින්ට 4.5% ක් වශයෙන්) එමෙන්ම ප්‍රවාහන දීමනාව  කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත  කිලෝ 12.5 ක සිලින්ඩරයකට රුපියල් 7 ක් විය යුතු බවත් ඊට සමගාමීව අනිකුත්  සියලු දිස්ත්‍රික්ක සඳහා වන ප්‍රවාහන දීමනාව ඉහළ දැමිය යුතු බවත් මෙම සංගමය අවධාරණය කරයි.
    ශ්‍රී ලංකා එල් පී ගෑස් බෙදාහරින්නන් ගේ සංගමයේ සභාපති  සත්යේන්ද්‍ර විජයපුර මහතා  මෙම මාධ්‍ය හමුව අමතමින් පෙන්වා දුන්නේ  වසර 2007 සිට මෙරට එල් පී  ගෑස් ඛෙදාහැරීමේ ක්‍රියාවලිය  කිසිදු අවහිරතාවකින් තොරව නියමාකාරයෙන්තම සංගමය විසින් උසස් මට්ටමින්  පත්වාගෙන ආ  බවයි.  විවිධ මූල්‍ය ආයතන වලින් ණය ලබා ගනිමින් අධික මුදලක් ආයෝජනය කර විවිධ අභියෝග වලට මුහුණ දෙමින් දින 365 පුරාවට අඛණ්ඩ සේවාවක් පවත්වා ගනිමින් මෙරට ගෘහස්ථ සහ වාණිජ ගෑස් සැපයුම සාර්ථකව පවත්වාගෙන යාමට  මෙරට එල් පී ගෑස් ඛෙදාහරින්නන් කටයුතු කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. නමුත් වර්තමානයේ පවතින ආර්ථික තත්වය හමුවේ මෙම කර්මාන්තය තුළින් ලැඛෙන ලාභය අවම වීම නිසා මෙම කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්වයකට පත්ව ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මෙම තත්වය සම්බන්ධයෙන් අදාල බලධාරීන් විසින් වහාම පියවරක් ගත යුතු බව  ඒ මහතා අවධාරණය කළේය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ  මෙමගින් තම සංගමය ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය , ලිට්රෝ ගෑස් සමාගම හෝ මහජනතාව  අපහසුතාවයට පත් කිරීමට අපේක්ෂා නොකරන බවයි. නමුත් මෙරට ගෑස් ඛෙදාහරින්නන්ගේ දුක් ගැනවිලි පිළිබඳව සොයා බැලීමට  අදාළ ආයතන දෙක කටයුතු නොකිරීම නිසා හදිසියේ ගෑස් සැපයුම අඩාල වුවහොත් මහජනතාව බරපතල අපහසුතාවට පත්වනු ඇති බවද හෙතෙම අවධාරණය කළේය. ගෑස් ඛෙදාහැරීමේ කර්මාන්තය සඳහා ලබාගත් ණය වාරික ගෙවීම, සේවක වැටපු ඉහළ දැමීම, වාහන වල ලීසිං වාරික, සේවක පුහුණුව, කාලානුරූපි අලෙවි සහ ප්‍රවර්ධන කටයුතු, වාහන රක්ෂණ වාරික, නඩත්තු කිරීම් සහ අමතරකොටස් මෙන්ම සේවකයින් සඳහා ආරක්ෂාකාරී උපාංග යනාදී කටයුතු මෙම කර්මාන්තය තුළ අත්‍යවශ්‍ය පිරිවැය බව පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ පවතින තත්වය යටතේ මෙරට ගෑස් ඛෙදාහරින්නන් 35 දෙනාම  සිය මෙහෙයුම් නිසි පරිදි සිදුකිරීමට නොහැකිව මූල්‍ය අර්බුදයක සිටින බවයි. මේ අතරින් බරපතල ගැටළුව වන්නේ සේවක පිරිස පුහුණු කිරීම බව සඳහන් කළ විජයපුර මහතා කියා සිටියේ  එම සේවක පුහුණුව සඳහා අධික මුදලක් ආයෝජනය කළ ද බොහෝ සේවකයින් පුහුනුව ලැබීමෙන් පසු  සිය දුක් ගැනවිලි වලට විසඳුම් සොයා වෙනත් රැකියා සඳහා යොමු වීම මෙම කර්මාන්තය මුහූණ දී සිටින බරපතල තත්වයක් බවයි.
    ඇතිව තිඛෙන ආර්ථික අර්බුදය හමුවේ ගෑස් සැපයුම අඩාල වුවහොත් එම තත්වය මෙරට සෑම අංශයක් කෙරෙහිම බලපානු ඇත. මහා පරිමාණ සංචාරක හෝටලයේ සිට ආහාර අලෙවි සැල දක්වා , රෝහල් සේවා සඳහා, කෘෂිකාර්මික කටයුතු සඳහා, ගෘහ ඒකක සඳහා ආදී වශයෙන්  විවිධ අංශ රැසක් මෙම ගෑස් සැපයුම අඩාල වීම නිසා අකර්මන්‍ය වීමේ අවදානමක් පවතී.
     
    Liquid Petroleum Gas (LP Gas) ගෘහස්ථ හා වෙළද ආහාර පිසීම් සඳහා සුදුසු පිරිමැසුම් දායක බලශක්ති ප්‍රභවයක් ලෙස මේ වනවිට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ. තවද සත්කාරක සේවා සහ කෘෂිකාර්මික (සත්ව පාලනය) පුළුල් කර්මාන්ත පරාසයක විවිධ අවශ්‍යතා සඳහා මෙම එල්පී ගෑස් යොදාගැනීම සිදුකරයි. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ගෘහ ඒකක මිලියන 5.5 ක් එල් පී ගෑස් සිය ආහාර පිසීමේ කටයුතු සඳහා භාවිත කරනු ලබයි. ඉන් 73% ක ප්‍රතිශතයක් (ගෘහ ඒකක මිලියන 4.25) ලිට්රෝ ගෑස් සමාගම විසින් සපුරාලයි.  මෙරට ඇති තාක්ෂණයෙන් උසස් හොඳම පිරවුම් ඒකකය ලිට්රෝ සමාගම සතු වන අතර එය  කෙළවරපිටියේ පිහිටා තිබේ. ගෑස් පිරවීම සඳහා භාවිත කරන උසස්තම ආරක්ෂාකාරී තාක්ෂණය භාවිත කරමින් මෙහිදී පුරවනු ලබන ගෑස් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් මගින් දිවයින පුරා ඛෙදාහරිනු ලබයි.  ගෑස් ඛෙදාහරින්නන් 35 දෙනෙකු විසින් රෝද 6, රෝද 10 සහ ප්‍රයිම්මූවර් ආදී  ට්‍රක් රථ 600 කට අධික ප්‍රමාණයක් යොදාගනිමින් දිවයින පුරා දිනපතා මෙම ගෑස් ඛෙදාහැරීම සිදුකරනු ලබයි.
     
    මුල් අවස්ථාවේදීම අත්පිට මුදලට ලිට්රෝ සමාගම විසින් ඛෙදාහරින්නන් වෙත පිරවූ ගෑස් සිලින්ඩර නිකුත් කරනු ලබයි. ඛෙදාහරින්නන් විසින් මෙම පුරවන ලද ගෑස් සිලින්ඩර ආරක්ෂාකාරීව ණය පදනමට අලෙවි නියෝජිතයින් වෙත යොමු කෙරෙන අතර  අලෙවි නියෝජිතයින් විසින් පාරිභෝගිකයින් වෙත මෙම ගෑස් සිලින්ඩර අලෙවි කරයි. මෙහිදී විවිධ ආයතන වෙත  විශේෂයෙන් වෙළඳ කටයුතු සඳහා ගෑස් පරිභෝජනය කරන ආයතන ආදිය වෙත විවිධ ගෙවීම් ක්‍රම යටතේ ගෑස් සැපයීම සිදුකරයි. මෙහිදී ඛෙදාහරින්නන් හිස් ගෑස් සිලින්ඩර තොගයක් පවත්වාගෙන යන අතර    දින තුනකට සරිලන පිරවූ ගෑස් තොගයක් ද පවත්වාගෙන යනු ලබන්නේ  ඇතිවන හදිසි තත්වයන් වලට මුහුණ දීම සඳහාය. එනම් පිරවුම් ඒකකයේ යම් ප්‍රමාදයක් හෝ නෞකා ප්‍රවාහනයේ පවතින ප්‍රමාදයන් වැනි තත්වයන් වලදී ගෑස් සැපයුම අඩාල නොකිරීම සඳහා ගෑස් තොගයක් ගෑස් ඛෙදාහරින්නන් විසින් පවත්වාගෙන යනු ලබයි. මෙරට ගෑස් ඛෙදාහරින්නන් වසර 22 ක කාලයක් තිස්සේ වඩා ආරක්ෂාකාරීව  කිසිදු ආපදාවකින් තොරව ගෘහස්ථ හා වෙළඳ අවශ්‍යතා සඳහා ගෑස් ඛෙදාහැරීමේ නිරත වෙමින් සිටියි.  දිවයින පුරා විහිදුනු 8000කට අධික අලෙවි නියෝජිත ජාලය ඔස්සේ එල්පී ගෑස් ඛෙදාහැරීම සිදුකරයි. ගෑස් ඛෙදාහැරීමේ ක්‍රියාවලිය තුළ  රැකියාවල නිරත වූවන්, පාර්ශවකරුවන් සහ සේවා සපයන්නන්  ආදී වශයෙන් 75,000කට අධික යැපෙන්නන් පිරිසක් මෙම කර්මාන්තයේ සිටිති.