දැරිය හැකි මිලකට ඉහලම කාර්යසාධනයෙන් වෙළඳපොළට පිවිසෙන නවතම Dell Precision Mobile Workstation

    August, 15, 2019

    Dell Precision workstations යනු ලොව පුරා පාරිභෝගිකයන්ගේ නිර්මාණශිලිත්වය පුළුල් කරන විද්‍යාවේ අපූර්ව නිර්මාණයකි. පාරායන කුළුණු, රාමු සහ ජංගම කාර්ය මධ්‍යස්ථාන වලින් සමන්විත Dell Precision නිෂ්පාදන පෙළ යෙදවුම් සහ මට්ටම් කුමක් වුවත් සියලු ම ආකාරයේ කාර්ය ඉටු කිරීමට අවශ්‍ය ජවය සහ කාර්යසාධනය පිරිනමයි.

    ලොව කුඩා ම අඟල් 15 2-in-1 ජංගම කාර්ය මධ්‍යස්ථානයවන Dell Precision 5530 2-in-1 මාදිලිය දැකුම්කලු සහ අසමසම සියුම් නිමාවෙන් යුතුව උසස් අන්තර්ගත නිර්මාණය සහ සංස්කරණය සඳහා අවශ්‍ය පහසුව පාරිභෝගිකයාට ලබා දෙයි. නිතර ඉදිරිපත් කිරීම් සිදු කරන සහ ගමනේ යෙදෙන අතරතුර සංස්කරණ කටයුතු හා අන්තර්ගතයන් පරික්ෂා කරන ගෘහ නිර්මාණ ශිල්පීන් හා සැලසුම්කරුවන්ගේ සිට සංස්කාරකවරුන්ගේ සිට ඡායාරූප ශිල්පීන් දක්වා ඕනෑම අයෙකුට මෙය කදිම විකල්පයකි.

    අංශක 360 ක් දක්වා නැමිය හැකි දර්ශන තිරය ටච් සහ පෙන් ඇතුළු අන්තර් ක්‍රියාකාරකම් පහසුකම් රැසකින් සමන්විත වේ. නවීනත ම තාක්ෂණයෙන් යුතු InfinityEdge 4K Ultra HD දර්ශන තිරය, පාරිභෝගිකයාගේ අන්තර්ගතයන් සවිස්තරාත්මකව සැබෑ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා දෙයි. Dell Premium Pen මගින් නිරවද්‍ය පීඩන සංවේදීතාව (පීඩන ලක්ෂ්‍ය 4,096), හැඩයම් කිරීමේ පහසුකම සහ අඩු ප්‍රමාදයකින් යුතුවන බැවින් භාවිත කරන්නා හට කඩදාසියක සිතුවම් කරන්නාක් වැනි හැඟීමක් ලබා දෙයි. නවත ම MagLev යතුරු පුවරුව නිසා අත්‍යවශ්‍ය යතුරුපුවරු කෙටි ක්‍රමවේද එලෙසින් ම පිරිනමන අතර යතුරුපුවරුවේ ඝනකම ද අවම වේ. තවද, Ultra-thin GORE™ Thermal Insulation පද්ධතිය නිසා උපරිම ක්‍රියාවලියක් පිරිනමන අතරම පද්ධතිය සිසිල්ව තබා ගනී.

    වර්තමානයේ 2D CAD හෝ සරල 3D CAD සැලසුම් සඳහා ද සිසුන්ට මෙන්ම වෘත්තිකයන් හට අවශ්‍ය තාක්ෂණික සවිබලය දැඩි මුල්‍ය පිරිවැයකින් තොරව හිමිකර දීම සඳහා මෙම මාදිලිය Dell සමාගම හඳුන්වා දී ඇත.

    පහසුවෙන් රැගෙන යා හැකි Dell Precision 3540 mobile workstation මාදිලිය එම මාදිලි පෙළෙහි වඩාත් දැරිය හැකි මිලකට වෙළඳපොළට පිවිසෙන මාදිලියයි. නවීනත ම 4-core Intel® Core™ 8th generation ප්‍රොසෙසරය, 32GB දක්වා වර්ධනය කළ හැකි DDR4 මෙමරිය, 2GB වෙන් වූ මෙමරිය සමගින් එන AMD Radeon™ Pro ග්‍රැෆික්ස් සහ 2TB දත්ත ගබඩා කිරීමේ හැකියාව ආදී අත්‍යවශ්‍ය පහසුකම් රැසකින් මෙම මාදිලිය සමන්විත වේ.

    නවත ම Dell Precision 3541 mobile workstation මාදිලිය 9th generation 8-core Intel® Core™ සහ 6-core Intel® Xeon® ප්‍රොසෙසර් විකල්ප සමගින් අමතර ජවයක් පිරිනමයි. 4GB වෙන්වූ මෙමරියක් සමගින් එන නවීන NVIDIA Quadro® වෘත්තීය ග්‍රැෆික් සහ වෙළඳපොළේ අනෙකුත් තරගකාරී නිෂ්පාදන සමග සැසඳීමේදී දීර්ඝත ම බැටරි කාලය නිසා මෙම මාදිලියේ කාර්යක්ෂමතාව ඉහල මට්ටමක පවතී. Precision 3540 මාදිලිය මෙන් Precision 3541 මාදිලිය ද Thunderbolt™ 3 සබඳතාව සහ ඇඟිලි සලකුණ, ස්මාර්ට් කාඩ්පත් කියවනය ඇතුළු අමතර ආරක්ෂණ විශේෂාංග මෙන්ම IR කැමරාව සහ ප්‍රථම කැමරා ෂටරය ආදී පහසුකම් රැසකින් සමන්විත වේ.

    උසස් කාර්ය හැකියාවකින් යුතු වුවත් උසස් තාක්ෂණයෙන් සියුම් නිමාවකින් යුතුව නිමවා ඇති මෙම මාදිලියේ 15.6” ක පුළුල් දර්ශන තිරය නිසා CAD යෙදවුම් සඳහා අවශ්‍ය පුළුල් දර්ශන අත්දැකීම භාවිත කරන්නාට හිමිකර දෙයි. මෙම මාදිලිය මින් පෙර මාදිලියට වඩා 10% කින් කුඩා සහ සැහැල්ලු ලෙස නිමවා ඇත. Dell Precision 3540 මාදිලිය රාත්තල් 4.04 කින් ද Dell Precision 3541 මාදිලිය රාත්තල් 4.34 කින් ද යුතු වේ.

    Dell Precision workstation ප්‍රමිතිය අනුව මාදිලි දෙකම Autodesk® Inventor® හා Dassault Systemes SOLIDWORKS® ආදී වෘත්තීය යෙදවුම් හරහා දැඩි පරික්ෂාවට ලක් කරමින් ස්වාධීන මෘදුකාංග වෙළඳ (ISV) සහතිකයෙන් යුතුව වෙළඳපොළට නිකුත් කෙරේ. මෘදුකාංගවලට වඩාත් ඔබින සැකසුම් ස්වයංක්‍රීයව සකස් කෙරෙන බැවින් භාවිත කරන්නාට සැකසුම් සකස් කිරීම සඳහා අමතර කාලයක් වැය කිරීමට සිදු නොවේ.

    සේයා රූ සටහන: වමේ සිට දකුණට: Dell Technologies සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාර ක්‍රිෂාන් ප්‍රනාන්දු, එම සමාගමේ ආසියානු නැගී එන වෙළඳපොළ කලාපයේ සේවාලාභී විසඳුම් සමූහයේ අධ්‍යක්ෂ ලර්ට්ලක් කුන්ලසුට්ටි සහ එම සමාගමේ නිෂ්පාදන අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක රිටේෂ් අගර්වාල් යන මහත්වරු ඡායාරූපයේ වෙති