දැවි තෙල් විදුලි බලාගාරවල ගිවිසුම් කාලය දීර්ඝ කෙරේ

    January, 11, 2017

    දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී ඇති විය හැකි විදුලිබල හිඟයට මුහුණ දීමට සහ රට තුළ අඛණ්ඩ විදුලිය සැපයීමක් පවත්වාගෙන යාම සඳහා, විදුලිය මිල දී ගැනීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය සහ පහත සඳහන් සමාගම් අතර වන ගිවිසුම්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි දීර්ඝ කිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලූ අමාත්‍ය මණ්ඩලය එම ගිවිසුම් මාස හයක (06) කාලයක් දක්වා දීර්ඝ කිරීම අනුමත කර තිබේ.

    * සීමාසහිත ACE Power ඇඹිලිපිටිය (පෞද්.) සමාගම
    * සීමාසහිත ACE Power ජෙනරේෂන් මාතර (පෞද්.) සමාගම
    * සීමාසහිත හෙළදනවි (පෞද්.) සමාගම