දිනකට ආහාරවේල් 40,000 ක් සපයන්න ශ්‍රීලංකන් කේටරින් පුළුල් කෙරේ

    August, 15, 2019

    දැනට සිදුකරන ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, ශ්‍රීලංකන් කේටරින් විසින් ආහාර වේල් 40,000 ක් දිනකට සැපයිය හැකි වන පරිදි ශ්‍රීලංකන් කේටරින් වෙනුවෙන්ම, විශේෂයෙන් ඉදිකරන ලද අති නවීන මුළුතැන්ගෙය පුළුල්කිරීම අත්‍යවශ්‍ය වි ඇති බැවින් ශ්‍රීලංකන් කේටරින් පරිශ්‍රයට යාබදව තවත් පර්චස් 150ක භූමියක් ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙතින් ලබාගෙන ගුවන් මගීන්ට ආහාරපාන සැපයීමේ අවශ්‍යතා වෙනුවෙන් ගුවන්යානා මුළුතැන්ගෙය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 250ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.